වයස අවු­රුදු 18ට අඩු දරු­වන්ට සමාජ මාධ්‍ය භාවි­තය තහ­නම් කරයි?..

By Aruna Feb 01, 2025 01:58 AM GMT
Report

ලෝකයේ ඇතැම් රට­වල සිදු කර ඇති ආකා­ර­යට වයස අවු­රුදු 18ට අඩු දරු­වන්ට සමාජ මාධ්‍ය භාවි­තය තහ­නම් කිරීමේ හෝ සීමා කිරීමේ නීති­යක් ගෙන ඒමට ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් දැනු­ම්වත් කරන බව ශ්‍රී ලංකා ප්‍රජා විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ සංග­මයේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය කපිල ජය­රත්න මහතා පවසනවා.

නිල නොවන දත්ත­ව­ලට අනුව පසු­ගිය වසරේ දී වයස අවු­රුදු 18ට අඩු දරු­වන් 200කට ආසන්න සංඛ්‍යා­වක් සිය­දිවි නසා­ගෙන ඇති බවට වාර්තා වන බවත්, මෙම සිය­දිවි නසා ගැනී­ම්ව­ලට සමාජ මාධ්‍ය භාවි­තය හේතු­වක් විය හැකි බවත් පැවසූ ඒ මහතා මේ නිසා ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් දැනු­ම්වත් කිරී­මට තීර­ණය කළ බවයි කියා සිටියේ.

අද සිට වාහන ආනයනයට විශේෂ කොන්දේසි මාලාවක්..මෝටර් රථ වලටත් බදු පැනවෙන්නෙ මෙහෙමයි..

අද සිට වාහන ආනයනයට විශේෂ කොන්දේසි මාලාවක්..මෝටර් රථ වලටත් බදු පැනවෙන්නෙ මෙහෙමයි..


ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රව­ණා­ගා­රයේ පැවති මාධ්‍ය හමු­වට සහ­භාගී වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) ප්‍රකාශ කළා.

ඒ මහතා පැව­සු­වේ, වස­ර­කට 313,000ක් පමණ මෙරට කාන්තා­වන් ගර්භි­ණී­භා­ව­යට පත් වන අතර ඉන් 250,000ක පමණ සජීවී දරු උපත් සිදු වුවත් ඔවුන් සියලු දෙනා නීරෝගි වැඩි­හි­ටි­යන් නොවන බවයි.

අවු­රුදු 5ට අඩු දරු­වන් 3300ක් පමණ විවිධ හේතූන් නිසා වාර්ෂි­කව මර­ණ­යට පත් වන බවත් මෙරට දරු­ව­න්ගෙන් 30%ක් පමණ ස්ථූල­තා­වෙන් පෙළෙන බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්..කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්..කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..


වෛද්‍ය කපිල ජය­රත්න මහතා පැව­සුවේ, මළ දරු උපත් වළක්වා ගැනීම සඳහා වන කොළඹ ප්‍රකා­ශ­නය බලා­ත්මක කිරී­මට ප්‍රජා වෛද්‍ය විශේ­ෂ­ඥ­ව­රුන් එක්ව කට­යුතු කරන බවයි.

කොළඹ ප්‍රකා­ශ­නය බලා­ත්මක කිරී­මෙන් මාරා­න්තික උපත් ආබාධ සහිත කලල ගබ්සා කිරී­මට හැකි වන බවත් මෙම ප්‍රකා­ශ­නය බලා­ත්මක කිරී­මට වසර 20ක පමණ සිට උත්සාහ දැරු­වත් මෙතෙක් එය කර ගැනී­මට නොහැ­කිව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.  

You May Like This Video