දාන මුදලට 04 ගුණයක් ලැබෙන අලුත් ක්‍රමයක්..හැමෝම මේ ගැන දැනුවත් වන්න.
මුහුණු පොත හරහා අමතර ආදායමක් ලෙස මුදල් ඉපැයිය හැකි බව පවසමින් සිදුකරනු ලබන මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ දිනවලදී තොරතුරු වාර්තා වන බව විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්යක්ෂ අනුකූලතා මේනකා පතිරණ මහත්මිය පවසනවා.
තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් පසුව මේ හරහා යම්කිසි මුදලක් යෙදවූ විට එම මුදල දෙගුණයක් බවට පත්ව තම බැංකු ගිණුම වෙත නැවත ලැබෙන බව පවසන බවත් මුදල් යෙදවූ පළමු අවස්ථාවේ එය දෙගුණයක් බවට පත්වූ බවට දුරකථනය වෙත කෙටි පණිවුඩයක් ලබාදී විස්වාසය තහවුරු කරගන්නා බවත් ඇය කියා සිටියා.
එලෙස විස්වාසය දිනා ගැනීමෙන් අනතුරුව මේ හරහා විශාල මුදලක් යොදවන ලෙසත් එය සිව්ගුණයකින් වැඩීවී නැවත ලැබෙන බවට පණිවුඩ ලබාදෙන නමුත් එලෙස විශාල මුදලක් යෙදවීමෙන් පසුව බැංකු ගිණුම වෙත මුදල් බැරවීමක් හෝ නැවත එම ආයතනය සමග සම්බන්ධවීමට හෝ නොහැකිවන බවට තොරතුරු අනාවරණයවී තිබේ.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, බොහෝ අවස්ථාවලදී මෙම මුදල් වංචාව නයිජීරියාව වැනි විදෙස් රටවල් ඔස්සේ මෙහෙයවන බවට වාර්තාවී ඇති බවත් මෙරට තුළ ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමක සිටින ව්‍යාපාරිකයන්, ඉංජිනේරුවන් වැනි පිරිස් මෙම වංචාවට හසුවී ඇති බවට අනාවරණයවී ඇති බවයි.
එමෙන්ම රුපියල් ලක්ෂ එකසිය හැටකට ආසන්න මුදලක් මේ සඳහා යොමුකළ පුද්ගලයකුද වාර්තාවී ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ.