සමාජ මාධ්‍ය භාවිතා කරන අයට රතු එළියක්..Facebook භාවිතා කරනවනම් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Election Commission of Sri Lanka Sri Lanka Social Media Election Social Media
By Aruna Sep 07, 2024 12:33 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද ප්‍රතිඵල මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කිරීමට පෙර ව්‍යාජ ප්‍රතිඵල සමාජ මාධ්‍ය ජාලාවල පළකිරීම සහ දේශපාලන වේදිකාවල ව්‍යාජ ප්‍රතිඵල සඳහන් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

මෙවැනි ව්‍යාජ ප්‍රතිඵල සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම හෝ දේශපාලන වේදිකාවල තැපැල් ඡන්ද ප්‍රතිඵල සම්බන්ධව සඳහන් කිරීම රජයේ නිලධාරීන් අපහසුතාවට පත්කිරීමක් බවයි ඒ මහතා කියා සිටියේ.

මෙවැනි ව්‍යාජ ප්‍රතිඵල නිකුත් කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කිරීම සම්බන්ධවද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබෙන බවයි පැවසෙන්නේ.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්....

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්....


එමෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව මත විමසුම් කිරීමද මේ දිනවල සමාජ මාධ්‍යවල බහුලව දකින්ට ලැබේ.

ඒ සම්බන්ධවද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇති බවත්, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ඉකුත් 04, 05 සහ 06 යන දිනයන්හිදී සාර්ථකව සිදුවූ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සිදුවීමක් වාර්තා නොවූ බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ ය.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ රජයේ නිලධාරීන්ට මෙම 10 වැනිදා සහ 11 වැනිදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල තුළදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බවද කොමසාරිස්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.