දරුවන්ගෙ පාසල් ඒම නැවතූ පාසල් එන සර්පයන්..

By Dhananjaya Dec 06, 2023 05:11 PM GMT
Report

කන්තලේ සේරු නුවර සෝමා දේවි විද්‍යාලයේ විෂගෝර සර්පයින් පන්ති කාමර වල වෙසෙන බව අද (06) පාර්ලිමේන්තුවේ දී අවධානයට ලක්වුණා.

එම විද්‍යාලයේ ළමුන් 300 ක් පමණ ඉගෙනුම ලබන අතර, ගුරුවරුන් 14 දෙනෙකු ඉගැන්වීම් කටයුතු වල නිරත වන අතර මීට දින කිහිපයකට පෙර පන්ති කාමරයේ ඇති තුඹසක් තුළට නාගයෙකු රිංගන ආකාරය පාසල් ගුරුවරයෙකු දැක තිබේ.

පන්ති කාමරය පුරා මෙලෙස වේයන් විසින් හුඹස් බැඳ ඇති අතර පළමු වසර සඳහා ළමුන් 23 දෙනෙකු ඇතුළත්කර තිබුණද, මේ වන විට එම දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් සිය නිවෙස් තුළ රඳවා ගැනීමට දෙමාපියන් කටයුතු කර ඇත්තේ එම පන්ති කාමරයේ මතුව ඇති සර්ප භීතිකාවක් හේතුවෙනි.

මව්පියන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිණිස සිය දරුවන් නිවෙස් වල තබා ගැනීමට කටයුතු කර ඇති බවයි.