ප්‍රධාන පාසලක සියලුම සිසුන්ට ජංගම දුරකථන සපුරා තහනම් කරයි..

By Aruna Nov 01, 2024 08:14 AM GMT
Report

ස්මාර්ට් ජංගම දුරකථන ඇබ්බැහියෙන් පාසල් දරුවන් මුදාගැනීම සඳහා මුල්වරට කොළඹ මහානාම විදුහල් සිසුන්ට ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ බව විදුහල්පති ප්‍රභාත් විතානගේ මහතා ප්‍රධාන පුවත් පතකට පවසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ දෙමාපියන් කැඳවා දැනුවත් කළ බවයි විදුහල්පතිවරයා පවසන්නේ.

රුපියල තවත් ශක්තිමත් වී ඩොලරය පහල යයි..නව මිල ගණන් මෙන්න..

රුපියල තවත් ශක්තිමත් වී ඩොලරය පහල යයි..නව මිල ගණන් මෙන්න..


කොවිඩ් වසංගතයෙන් පසු රටේ බොහෝ පාසල් සිසු සිසුවියන් ස්මාර්ට් ජංගම දුරකථනවලට ඇබ්බැහි වී ඇති බවත් මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවට පත්ව ඇති අතර තම පාසලේ දරුවන් දුරකථනයට ඇබ්බැහි වීමෙන් මුදාගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය තහනම් කළ බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

මෙම ක්‍රියාව අනෙකුත් පාසල්වල විදුහල්පතිවරුන් ක්‍රියාවට නංවනු ඇතැයි ද ප්‍රභාත් විතානගේ මහතා වැඩිදුරටති කියා සිටී.