මේ ජනතාවට අලුත් ආරංචියක්- නැවතිලා තිබුණු බස් රථ අද සිට යළි පාරට
නැවතී තිබූ කඩුවෙල ග්‍රාමීය මාර්ග 3ක ලංගම බස් රථ ධාවනය අද සිට යළි ආරම්භ කර තිබේ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ යන මහජන නියෝජිතයින් එක්ව තිබුණි
මේ අතර තලංගම ඩිපෝව මෙට්‍රො බස් ටිපෝවක් බවට සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ එක්දහස් එකසීයයක් වෙන්කර ඇති බව එම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා සදහන් කර ඇත.
පසුගිය කාලය පුරා තිබූ බස් රථ ඇණිවල ප්‍රශ්න සේවක පුරප්පාඩු ගැටලු හේතුවෙන් බොහෝ ග්‍රාමීය මාර්ගවල ලංගම බස් රථ ධාවනය ඇණිහිට තිබුණි.
ඒ අනුව 344 මාලඹේ සිට අතුරුගිරිය, 374 බස්තරමුල්ල සිට පැලවත්ත, 171-1 ආසිරි පෙදෙස සිට පිටකොටුව යන මාර්ගයන්හි මෙලෙස ලංගම බස් රථ ධාවනය ආරම්භ කර ඇත