අලුත් අවුරුද්දෙන් ලංකාවම ගොඩ - රජයට බිලියනයක ආදායමක්
ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා පවසන්නේ අලුත් අවුරුදු සේවා සැපයීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට දින 6ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමි වූ බවයි.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට පැමිණි ජනතාවට සේවා සැපයීම තුළින් එම ආදායම හිමිකර ගත් බවය.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා සඳහන් කළේ පසුගිය 11 වනදා ඉතිහාසයේ වැඩිම අදායම ඉපයූ දිනය ලෙස වාර්තාගත වන අතර එම සංඛ්‍යාව රුපියල් මිලියන 213ක් වන බවයි.