නත්තල් නිවාඩුවට ගෙදර යන ඔයාට ලංගමෙන් පණිවිඩයක්..

By Piyumika Dec 24, 2024 04:57 AM GMT
Report

නත්තල හා උත්සව සමය නිමිත්තෙන් අද (24) අතිරේක බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

"ධුරය ලබාදෙනු ලබන්නේ තෝරා ගන්නා තැනැත්තාට පමණයි..සිත පාරන කටයුත්තක් වී තිබෙනවා බෞද්ධ සහෝදරයන්ට කනගාටුව පළ කරනවා.."(VIDEO)

"ධුරය ලබාදෙනු ලබන්නේ තෝරා ගන්නා තැනැත්තාට පමණයි..සිත පාරන කටයුත්තක් වී තිබෙනවා බෞද්ධ සහෝදරයන්ට කනගාටුව පළ කරනවා.."(VIDEO)

අතිරේක බස් රථ පනහක් පමණ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට හැටන්, බදුල්ල, මඩකලපුව ඇතුළු දුරගමන් සදහා යොදවා ඇතැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.

හෙට නත්තල් දිනද මගී අවශ්‍යතාවය අනුව බස් රථ යොදවන බව ඒ මහතා ප්‍රකාශ කලේය.

සැමන් සහ ලුණු ගැන විශේෂ තීරණයක්..

සැමන් සහ ලුණු ගැන විශේෂ තීරණයක්..

අද සිට ධාවනය කෙරෙන සාමාන්‍ය බස්රථ සේවාවන්ට අමතරව මෙම අතිරේක බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා වැඩිදුරටත් පැවසීය.

You may like this video