සෞදියේදී ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්
Sri Lanka
Gold Medal
Sports
By Zara
වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වූවාය.
කාන්තා මීටර් 800 තරගය ඇය තත්පර 2.14.86කින් තරගය අවසන් කරමින් රන් පදක්කමට හිමිකම් ලැබීය.
මීට අමතරව අද පස්වරුවේම පැවති පිරිමි මීටර් 800 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ශවිඳු අවිශ්ක විසින් දිනාගත්තේය.
තත්පර 1.53.41කින් සිය ඉසව්ව අවසන් කර අචින්ත මෙම පදක්කමට ළඟාවිය.
