රට යන්න පෙරුම් පුරපු ඔයාට රජයෙන් ලක්ෂ 5කට වැඩි පඩියකට රට යන්න නියම චාන්ස් එකක්

Report

දකුණු කොරියානු රජය සමඟ සෘජු රාජ්‍යතාන්ත්‍රික සන්නිවේදනයන් පවත්වමින් ශ්‍රී ලාංකිකයන් සඳහා වන කොරියානු රැකියා අවස්ථා ඉදිරියේදී තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නා බව වැඩ බලන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසකට නිල වශයෙන් ගුවන් ප්‍රවේශපත් බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ  මූලස්ථානයේදී මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

නිල දත්තවලට අනුව, මෙම 2026 වසරේ ජනවාරි මාසයේ සිට ගතවූ මාස කිහිපය තුළ පමණක් දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමි කරගත් ලාංකිකයන් සංඛ්‍යාව 1,067 දක්වා ඉහළ ගොස් තිබේ.

දරුවා අපයෝජනය කළ විහාරාධිපති අවුරුදු 30ක් සිපිරිගෙට

දරුවා අපයෝජනය කළ විහාරාධිපති අවුරුදු 30ක් සිපිරිගෙට

එම සමස්ත පිරිස අතරින් තෝරාගත් තවත් ශ්‍රී ලාංකිකයන් 68 දෙනෙකු සඳහා විදේශගත වීමට පෙර ලබාදෙන අවසන් උපදෙස් මාලාව සැපයීම සහ ඔවුන්ගේ ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම මෙහිදී වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් සිදු කෙරිණි.