කල්පිටිය උණුසුම් කළ සිද්ධිය ගැන හොයන්න ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශනයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කල්පිටිය වෙඩි පිටියේදී පසුගිය 17 වැනි දින පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ, අදාළ අභ්‍යාසය ක්‍රියාත්මක වෙමින් තිබූ අතරතුර පූර්ව අවසරයකින් හෝ දැනුම්දීමකින් තොරව පුද්ගලයන් තිදෙනෙකු වෙඩි පිටියට අයත් ආරක්ෂිත සීමාවට ඇතුළු වී තිබෙන බවටයි.
එම අවස්ථාවේදී රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සාමාජිකයන් හත්දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු විසින් එම සිවිල් පුද්ගලයන් තිදෙනාගෙන් ඔවුන්ගේ අන්‍යතාවය පිළිබඳ විමසීමක් කර තිබෙනවා.
එහිදී එක් අයෙක් පොලිස් නිලධාරියෙකු වන බවත් අනෙක් දෙදෙනා එම පොලිස් නිලධාරියා සමඟ පැමිණි සිවිල් පුද්ගලයන් බවත් අනාවරණය කරගෙන තිබෙනවා.
කෙසේ වුවද එම විමසීම් මැද දෙපාර්ශවය අතර යම් උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. කෙසේ වෙතත් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාස කටයුතු සිදුවන කාලසීමාව තුළ අදාළ ප්‍රදේශය සාමාන්‍ය ජනතාවට ඇතුළු වීම තහනම් ආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කර ඇති අතර, එම අවස්ථාවලදී එම ප්‍රදේශයට ඇතුළු වන සියලු පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරී තිබෙනවා.
උපාධි ලෝගුවෙන් සැරසෙන්නට පෙර ඇයත්.. මහවැලිය උඩ ජීවිතයත් මරණයත් අතර අභියෝගාත්මක සටනක් - මුහුණු පොතම කැළඹූ සරසවි සිසුවිය
එබැවින් පුද්ගල ආරක්ෂාව තහවුරු කිරීම සහ අනතුරුදායක තත්ත්වයන් වළක්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බව සඳහන්.
කෙසේ වුවද අඳාළ සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීමට ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇති බව වාර්තා වේ.