සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක එරාන්ට!
සමඟි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා තරග කළ යුතු බවට තීරණය කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
කඩුවෙල මහ නගර සභාව සඳහා ඉදිරිපත්වන පිරිසකගේ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
තමා කඩුවෙල ආසනයේ සංවිධායකවරිය බවත් කඩුවෙලින් පළාත් පාලන ඡන්දයට තරග නොකරන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙහිදී සඳහන් කළා.