තර්ජනය කලැයි SJB අපේක්‍ෂක අත්අඩංගුවට..

Report

පොලොන්නරුව, මනම්පිටිය, කරපොළ ප්‍රදේශයේදී ජාතික ජන බලවේගයේ සාමාජිකයකුට බැණ තර්ජනය කර පහරදීමට තැත් කළ බව කියන මෙවර පළාත් පාලන මැතිවරණයේදී වැලිකන්ද ප්‍රාදේශීය සභාවට තරග කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු මනම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අම්ශිකා දැරියට සාධාරණයක් ඉල්ලා දමිළ භික්ෂුවක් පාරට බසී (VIDEO)

අම්ශිකා දැරියට සාධාරණයක් ඉල්ලා දමිළ භික්ෂුවක් පාරට බසී (VIDEO)

අත්අඩංගුවට ගෙන ඇති 42 හැවිරිදි එම අපේක්ෂකයා මෙවර පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මෙම අපේක්ෂකයා ජාතික ජන බලවේගයේ සාමාජිකයකු වන ඇල්ප්‍රාම් තුරෙයි අරුමතුරෙයි යන පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට ගොස් බැණ තර්ජනය කර පහරදීමට උත්සහ දරා ඇතැයි පැවසේ.

බස් හිමියන් එකඟ වේවිද? යළි පාරට බහිද? පරණ වැඩේ ඔන්න ආයෙත් ඇරඹුනා

බස් හිමියන් එකඟ වේවිද? යළි පාරට බහිද? පරණ වැඩේ ඔන්න ආයෙත් ඇරඹුනා

ඒ පිළිබඳව ජාතික ජන බලවේගයේ සාමාජිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව සමගි ජන බලවේගයේ අපේක්ෂකයා සැකපිට අත්අඩංගුවට ගත් මනම්පිටිය පොලිසිය පැවසීය.