පාසල් ප්‍රහාරයෙන් පසු තුර්කිය යළිත් කැලඹෙයි - වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට

By Aylin Zoya May 19, 2026 02:24 AM GMT
Report

තුර්කියේ දකුණු ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම මර්සින් ප්‍රාන්තයේ ටාසස් ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී සිදුව ඇති අතර, අදාළ වෙඩික්කරු පසුව පළාගොස් ඇති බවද වාර්තා වේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන යානා භාවිත කරමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

පල්ලියට වෙඩි තබා මෝටර් රථය තුළම දිවි නසාගත් 17 සහ 19 හැවිරිදි තරුණයින්

පල්ලියට වෙඩි තබා මෝටර් රථය තුළම දිවි නසාගත් 17 සහ 19 හැවිරිදි තරුණයින්

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සැකකරු වයස අවුරුදු 37ක පුද්ගලයෙකු වන අතර, ඔහු ප්‍රථමයෙන් වීදියකදී තම බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. පසුව ඔහුගේ මෝටර් රථයෙන් ආපනශාලාවකට වෙඩි තබා එහි හිමිකරු සහ සේවකයෙකු ද ඝාතනය කර ඇති බවද වාර්තා වේ.

මේ අතර, පසුගිය කාලය තුළ තුර්කියේ සිදුවූ මෙවැනි වෙඩි තැබීම් හේතුවෙන් එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව ගැටලු මතුව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කහ්‍රමන්මරාෂ් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගිය අතර, ඊට පෙර දින අසල ප්‍රාන්තයක සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ. 

සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතු, අද දවසේ විශේෂ ලග්න පලාඵල විස්තරය

සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතු, අද දවසේ විශේෂ ලග්න පලාඵල විස්තරය