අම්බලන්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට

Report

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කර තිබේ.

එම අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්ද, සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසින්ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තවද මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය සැක කරනු ලබන්නේ අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව‍යි.

 එම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තාද අපරාධ කල්ලි සාමාජිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකු බව පොලීසියට අනාවරණය කරගැනීමට හැකිව තිබේ.

තවද මෙම වැටලීම්වලදී හික්කඩුව ප්‍රදේශයෙන් පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද සොයාගැනීමට හැකි වී ඇත.

හිටපු ජනපති මහින්ද යළි කොළඹට එයි

හිටපු ජනපති මහින්ද යළි කොළඹට එයි

මෝටර් රථයක් අතහැර ගොස් සැකකරු පලා යයි

මෝටර් රථයක් අතහැර ගොස් සැකකරු පලා යයි