කතරගම දේවාල පෙරහැරේ අලියෙකු කුලප්පු වෙයි - දැඩි උණුසුම්කාරී තත්ත්වයක්..(VIDEO)
By Sewvandhi
වලස්මුල්ල වරාපිටිය ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දින කතරගම දේවාල පෙරහැර ඊයේ (07) රාත්‍රියේ වීදී සංචාරය කළේය.
පෙරහැරේ ගමන් කළ අලියෙකු කුලප්පුවීම හේතුවෙන් එහිදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණි. පෙරහැරේ ගමන් කළ කාවඩි නර්තන කණ්ඩායමක් මැසි මදුරු නාශක ස්ප්‍රේ භාවිත කරමින් ගින්දර දැල්වීම හේතුවෙන් මෙම අලියා කුලප්පුවී තිබූ බව එහි සිටි පිරිස් පවසා තිබුණි.
කෙසේවෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුනොවීය. ඇත්ගොව්වා ඇතුළු පිරිස අලියා පාලනය කරගැනීමට සමත්වූ අතර පෙරහැර සාර්ථකව වීදි සංචාරය කර නිමාවට පත්වූ බව පෙරහැර සංවිධායක කමිටුව පැවසීය.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |