ඇප ලැබුණු සිරිධම්ම හිමි යළිත් රිමාන්ඩ්
By Sewvandhi
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද (23) ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව ගල්වැව සිරිධම්ම හිමියන්ව දෙසැම්බර් 06 වනදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පොලීසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්වැව සිරිධම්ම හිමියන්ව එලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |