ළමුන්ට තැලූ ටියුෂන් ගුරුවරයාට වරදින්නයි යන්නේ

G.C.E.(A/L) Examination Crime Education
By Akash Mar 11, 2025 11:30 AM GMT
Akash

Akash

Report

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, සිසුන්ට පහර දෙන උසස් පෙළ උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අදාළ ගුරුවරයාට අද පස්වරු 2.00ට අධිකාරිය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද, ඔහු නොපැමිණි බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය සඳහන් කළා.

ඒ අනුව, ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවද සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවා. නුගේගොඩ, ගම්පහ ආදී ප්‍රදේශවල ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය විෂය උගන්වන මෙම පෞද්ගලික පන්ති ගුරුවරයා, සිය පන්තිවල ළමයින්ට වේවැල් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙයි. එක් වීඩියෝවකින් දැක්වෙන්නේ, ගැහැණු ළමයකුගේ ජංගම දුරකථනයක් ලබාගත් පිරිමි ළමයෙකුට එම ගැහැණු ළමයා යොදවා වේවැල් පහර දෙන ආකාරයයි.

මෙම ගුරුවරයාගෙන් පහර කෑමට ලක්වූ වින්දිතයන් කවුරුන්දැයි සම්බන්ධයෙන් සොයා බැලෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසුවා. ළමයින් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18 ට අඩු පිරිස් බවත්, උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය හදාරන ඇතැම් සිසුන් වයස අවුරුදු 19 සම්පූර්ණ කර තිබීම නිසා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු තත්ත්වයක් පවතින බවද එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් කියා සිටියාය.

ReeCha