එළඹෙන වසරේ සිට අලුත් අවුරුදු නැකත් සම්පාදනය නව වැඩපිළිවෙළකින්

Sinhala and Tamil New Year Sri Lanka Hiniduma Sunil Senevi
By Gagana News Feb 24, 2025 06:26 PM GMT
Gagana News

Gagana News

Report

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා සහ ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසක් අතර අද (24) පැවැති හමුවකදී එළඹෙන 2026 වසරේ සිට සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක් දියත් කිරීමට අවධානය යොමුව තිබේ.

එහිදී ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ 2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සියල්ල මේ වන විට ජනගත වී ඇති බැවින් එහි කිසිදු වෙනස්කම් සිදු කිරීම සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරන බවය.

එහෙත් එළඹෙන වසරේ සිට විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත් ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම අවශ්‍ය බවද ඔවුන් අවධාරණය කළේය.

ඒ අනුව එම ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු දෙනාට සිය යෝජනා ඉදිරිපත් කිරීමටත් අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ඔවුන්ට එක් දිනකදී රැස්වීමකට සහභාගී වීමටත් අවශ්‍ය වැඩපිළිවෙළක් සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඝාතනයට පෙර ගනේමුල්ල සංජීවගේ අධිකරණ ශාලාව මාරු වෙලා! ඒ තොරතුරත් ඝාතකයින්ට ගිහින්!

ඝාතනයට පෙර ගනේමුල්ල සංජීවගේ අධිකරණ ශාලාව මාරු වෙලා! ඒ තොරතුරත් ඝාතකයින්ට ගිහින්!

අනුරගේ ලොකුම සතුරා අනුරමයි!

අනුරගේ ලොකුම සතුරා අනුරමයි!

ReeCha