ඇලුමිනියම් භාජන වල කෑම උයනවනම් මේ ගැන දැනුවත් වෙලා ඉන්න
දැන් නම් කුකර් එකක් නැති ගෙයක් හොයාගන්න නැහැ. බත් උයන්න, මස් තම්බන්න වගේ දේවල් සඳහා අපේ අය බහුලව භාවිතා කරන්නේ ඇලුමිනියම් කුකර් තමයි. නමුත් මේ තුල ශරීරයට ඉතා අහිතකර බොහෝ දේ ඇති බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ, අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ආහාර පිසීම සඳහා ඇලුමිනියම් භාණ්ඩ භාවිතා කිරීමෙන් ඇතිවන අහිතකර ප්‍රතිපල ගැනයි. එන්න අපි දැන් ඒවා මොනවද කියලා බලමු.
1 ඇලුමිනියම් භාජනවල ආහාර පිසීමේදී ඇලුමිනියම් ලෝහය ආහාර සමඟ ප්‍රතික්‍රියා කිරීමට ඉඩ තිබෙනවා. ඔබ එම ඇලුමිනියම් භාණ්ඩ වල පිසූ ආහාර අනුභව කිරීමෙන් ඔබේ ශරීරයට දිනකට ඇලුමිනියම් ලෝහ මිලිග්‍රෑම් 1-2 ක් පමණ ඇතුල් වෙනවා. විශේෂයෙන්ම මේ ඇලුමිනියම් ආම්ලික ආහාර වලට පහසුවෙන් අවශෝෂණය කරන නිසා ,ඒ ආම්ලික ආහාර වන තක්කාලි, සියඹලා, කිරි ආදි ඒවා එම භාජන වල පිසීමෙන් වලකින්න .
2 ඇඹුල් යුෂ ඇලුමිනියම් ලෝහය සමඟ ප්‍රතික්‍රියා කර හානිකර රසායනික ලවණ සහ සංයෝග නිපදවනවා . මේ ඇලුමිනියම් භාජනවල එළවළු තැම්බූ විට හානිකර ඔක්සලේට් සහ ෆයිටේට් රසායනික ද්‍රව්‍ය පහසුවෙන් අපගේ ශරීරයට එකතු වීම සිදුවෙනවා.
3 ඇලුමිනියම් අපේ ශරීරයේ වැඩිපුර ලුණු නිපදවීමට උපකාරී වෙනවා . ඒවා වකුගඩු මගින් බැහැර කළ නොහැකි අතර එමඟින් ඔබේ වකුගඩු වලට වුනත් හානි සිදුවෙන්න පුළුවන් .ඒවගේම මෙය අස්ථි වර්ධනයට බාධා කරන අතර සන්ධි වේදනාව ද ඇති කරවනවා . මේ ඇලුමිනියම් මගින් ස්නායු පද්ධතියට සිදුකරන හානිය මොළයේ සෛල වර්ධනය අඩාල කරන අතර, ඇල්සයිමර් රෝගය වැනි රෝග ඇතිකරන්නටත් සමත් වෙනවා.
අද අපි කිව්ව මෙන්න මේ කරුණු කාරණා තමයි ඇලුමිනියම් භාණ්ඩවල ආහාර පිසීමෙන් ඇතිවෙන අහිතකර ප්‍රතිපල කිහිපය. ඔබත් ඔබේ නිවසේ ඇලුමිනියම් භාණ්ඩවල ආහාර පිසිනවානම්, එය හැකිතාක් දුරට අවම කර මැටි භාජනවල ආහාර පිසීමට හුරුවන්න. ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා.
