බෝ මුලදී බුදුරදුන් රාගය දුරු කරද්දී..ඒ බෝ රජු වැඩ සිටින පුණ්‍ය භුමියේදී කොස්තාපල් වරියකට කරපු අපරාධය ..

Report

අනුරාධපුර ශ්‍රී මහා බෝධි, බුද්ධ මන්දිරයේ රාජකාරී කරමින් සිටි අවිවාහක පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (02 වැනිදා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ විරෝධතාවය විසුරුවාහැරීමේදී උණුසුම් තත්ත්වයක්..(VIDEO)

පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ විරෝධතාවය විසුරුවාහැරීමේදී උණුසුම් තත්ත්වයක්..(VIDEO)

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයෙකි.

ජය ශ්‍රී මහා බෝධියේ බුද්ධ මන්දිරයේ රාජකාරී කරමින් සිටින අතරවාරයේදී එහි පැමිණි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට ලිංගික අතවරයක් සිදු කළ බවට 29 හැවිරිදි පොලිස් කොස්තාපල්වරිය පළමුව උඩමළුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පැමිණිලි කොට තිබේ.

පාංශුකූලයයක් නිසා කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පහක් කර ගත්ත අකුසල කර්මයක මහත..

පාංශුකූලයයක් නිසා කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පහක් කර ගත්ත අකුසල කර්මයක මහත..

අනතුරුව උඩමළුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මේ බව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි 1, ප්‍රභාත් විතානගේ දැනුම් දී ඇති අතර ඔහු විසින් ඒ බව, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකරගේ උපදෙස් පරිදි විමර්ශන සිදු කර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඊයේ පස්වරුවේ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

You may like this video