ශ්‍රී පාද වන්දනාව ලබන මස සිට ..බැතිමතුන්ට දැනුම් දීමක්...

By Hashini Nov 10, 2023 04:17 AM GMT
Report

එළඹෙන දෙසැම්බර් මස 26 වනදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා සාමය ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පවසනවා.

ඊයේ (09) නල්ලතන්නිය ග්‍රාම නිලධාරි කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව නිල වශයෙන් නිවේදනය කළා.

මෙහිදී ශ්‍රී පාද වන්දනාව සැන්දෑ පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

ශ්‍රී පාද වන්දනාවට පැමිණීමේදී පරිසරයට හානිකර පොලිතීන්, ප්ලාස්ටික් ආදිය රැගෙන ඒමෙන් වළකින ලෙස එම සාකච්ඡාවට එක් වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.