ජනතාව වැඩිපුර ගන්න නිසා හිඟයක් ඇති වෙලා - ලුණු සංගමේ සභාපති
By Hashini
ලංකා ලුණු සමාගම සඳහන් කරන්නේ දැනට රට තුළ ඇති ලුණු තොගය සාමාන්‍ය පරිදි රටේ අවශ්‍යතාවයට හොඳටම ප්‍රමාණවත් බවයි.
එහි සභාපති ඩී නන්දනතිලක මහතා පවසන්නේ මවන අනියත බිය නිසා පාරිභෝගිකයන් වැඩිපුර ලුණු මිලදී ගැනීම නිසා ලුණු හිඟයක් මතුවෙමින් ඇති බවයි.
එම නිසා ඇති වූ තත්ත්වය මත ඉන්දියාවෙන් ලුණු තොගයක් ආනයනය කිරීමට කටයුතු කරන බවද ඔහු පවසීය.
මෙම ආනයනය කරන ප්‍රමාණය මාස තුනක කාලයකට මෙරටට ප්‍රමාණවත් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.