මුත්‍රා කරන්න එපා කීවට හොඳටම නෙලලා.. රෝහලට යන්න වුණ සිද්ධිය මෙන්න..
හැටන් ලංගම බස් නැවතුම්පොළේ පිටුපස බස් රථ රියදුරෙක්ගෙ මුත්‍රා කිරීමට විරෝධය පළකළ වෙළදසැල් හිමියෙකුට පහර දී තිබෙනවා.
ඒ බව හැටන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
මෙම පහරදීම ඊයේ (28) පස්වරු කාලයේ සිදුකර ඇති බව සඳහන් වේ.
හැටන් ලංගම ඩිපෝවේ රියදුරෙක් බස් නැවතුම්පොළ පිටුපස මුත්‍රා කිරීම සම්බන්ධයෙන් වෙළදසැල් හිමියා රියදුරා අසලට ගොස් යළි එලෙස නොකරන ලෙස පවසා තිබෙනවා.
ඒත් සමග රියදුරා වෙළදසැල් හිමියාට පහර දී තිබෙනවා.
එම අවස්ථාවේ දී තවත් රියදුරෙක් ද වෙළදසැල් හිමියාට පහර දී ඇති බව තොරතුරු වාර්තා වේ.
එහිදී පහර කෑමෙන් තුවාල ලැබූ වෙළදසැල් හිමියා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, ඔහු මේ වනවිට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.
You May Like This Video 👇
.