ගම්පහ වෙඩි තැබීමක් (VIDEO Updated)
By Wayomi
ගම්පහ, වැලිවේරිය පොලිස් වසමේ, ඇඹරළුව මාර්ගයේ, අරලිය ගහ හන්දිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අද (13) රාත්‍රී 9ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
තුවාලකරු උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු බවට අනාවරණය වී තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලිසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් 03ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.