තවමත් නොනැවතුණු වෙඩි සෙල්ලම - අද හික්කඩුවේ සිදුකළ වෙඩිතැබීම
අද (3) ප.ව. 7ට පමණ හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ මාර්ගය අසල වෙළෙඳසැළක රැඳී සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, තුවාල ලැබූ දෙදෙනා කරපිටිය රෝහලවෙත ඇතුළත්කර තිබෙනවා.