මීගමුවේ වෙඩි තැබීමක්
By Hashini
අද (28) පස්වරුවේ මීගමුව, තලාදූව ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මුල්කර ගනිමින් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි වාර්තා වනවා.
පුද්ගලයින් දෙදෙනෙකු එකිනෙකා අතර අද සවස් කාලයේ දී බහින්බස් වීමක් හට ගෙන ඇති අතර, පසුව එක් අයෙකු සන්තකයේ තිබූ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇත.
මීගමුව පොලීසිය විසින් අදාළ පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවියට නීත්‍යානුකූල බලපත්‍රයක් ඇති බවත් අදාළ පුද්ගලයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවටත් කරුණු හෙළිදරව් වී තිබෙනවා.