අද උදෑසන මීගොඩ උණුසුම් කළ වෙඩි ප්‍රහාරය..ඉලක්කය ව්‍යාපාරිකයෙක්..
මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද (31) අළුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ, අදාළ නිවසට වෙඩි ප්‍රහාර හතරක් තබා ඇති බවයි.
එමෙන්ම නිවසේ සිටි කිසිවෙකුට වෙඩි වැදී නොමැති බවයි වාර්තා වන්නේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ ව්‍යාපාරිකයා බිය වැද්දීම සඳහා මෙලෙස නිවසට වෙඩි තබා ඇති බවට සැක කරන බවයි.