කෑම්ප් එකේ හිටපු පුහුණු නිලධාරියකු ගේ හිසට ටි 56 ගිනි අවියකින් වෙඩි

Report

අඟුරුවාතොට පොලිසිය පවසන පරිදි අඟුරුවාතොට දොඹගොඩ යුදෝපකරණ බලකා රෙජෙමේන්තුවේ පුහුණු නිලධාරියකු ගේ හිසට ටි 56 ගිනි අවියකින් වෙඩි වැදි මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි සැරයන් සුරේෂ් කැලුම් නැමැති 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු වැටී සිටි ස්ථානය අසල ටී 56 ගිණි අවියද තිබී ඇති බව සඳහන්.

පුහුණු පාසලේ ආයුධාගාරය අසල ව්වේකාගාරයේ සිටි සෙබලෙකුට අයත් ගිනි අවියෙන් මෙලෙස එම වෙඩිවැදීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ආබාධයකට ලක්වූ වනිඳුට ස්කෑන් පරීක්‍ෂණයක්

ආබාධයකට ලක්වූ වනිඳුට ස්කෑන් පරීක්‍ෂණයක්

පුහුණු නිලධාරී සැරයන් වරයාගේ සිරුර විවේකාගාරයේ මුනින් අතට වැටී තිබී ඇති අතර හිසෙන් විශාල ලේ දහරාවක් ගලා ගොස් තිබූ බවත් පොලිසිය පවසයි. සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.

ආබාධයකට ලක්වූ වනිඳුට ස්කෑන් පරීක්‍ෂණයක්

ආබාධයකට ලක්වූ වනිඳුට ස්කෑන් පරීක්‍ෂණයක්