අම්බලන්තොට වෙඩි තැබීමක්..පුද්ගලයෙක් මරුට.
අම්බලන්තොට - කොග්ගල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි 03 දෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (62) ජීවිතක්ෂයටපත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
පොලිසිය පවසන්නේ කොග්ගල්ල උතුරු කඩවර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුයම නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු පැමිණ නිවසේ කවුළුවකින් පුද්ගලයෙකු පිළිබඳව සොයා බලා ඇති බවයි.
එහිදී එම නිවසේ සිටි දැරියක විසින් මෙම පිරිස දැක කෑ ගැසීමත් සමඟ අදාළ නාඳුනන පුද්ගලයින්ගේ ඉලක්කය වූ පුද්ගලයාගේ පියා නිවසින් පිටතට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී ඔහුට මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.