පැය 24ක් තුළ වෙඩි තැබීම් 03ක්..පුද්ගලයින් 03ක් මරුට..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Attempted Murder Gun Shooting
By Aruna Jun 21, 2023 04:02 AM GMT
Aruna

Aruna

Report

කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසල දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, උදෑසන 8.00 පමණ එම විද්‍යාල අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකර තිබෙන බවටයි වාර්තා වන්නේ.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ, 33 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර, කොස්ගොඩ ප්‍රදේශයේ අද (21) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 52ක් වන පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම වෙඩි තැබීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

මේ අතර, හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය විසින් දැනුම්දී තිබෙනවා.

හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇත.

මොහු ඊයේ(20) දින රාත්‍රී 8 ට පමණ නිවෙස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

දෙපාර්ශවය අතර කලක සිට පැවති ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවයි පොලිසිය පවසනවා.