වෙඩි තැබීමකින් කාන්තාවක් මියයයි..
මැදිරිගිරිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ මිරිස්හේන ධීවර ගම්මානය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පැවසෙන්නේ.
අදාළ කාන්තාව සිය මවගේ නිවසේ සිට තම නිවසට පැමිණෙමින් සිටිය දී නිවසේ වැසිකිළිය අසල සැඟව සිටි පුද්ගලයෙක් විසින් වෙඩි තබා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මැදිරිගිරිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.
පොලිසිය සැකපළ කරන්නේ, අදාළ කාන්තාව අනියම සම්බන්ධතාවක් පවතවාගෙන ගිය පුද්ගලයා සමඟ ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භකර තිබෙනවා.
මේ අතර පනාමුර - කෝන්කටුව ප්‍රදේශයේ දී ද පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
ඊයේ (15) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇත්තේ, මත්පැන් පානය කළ පුද්ගලයන් පිරිසක් අතර ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස බවයි පොලිසිය සඳහන් කළේ.