වයිෆ්ට තවමත් මම ආදරේ කියලා නෑ, එයා කියනවා මම රොමෑන්ටික් මදි කියලා – ශිහාන් මිහිරංග

Sri Lanka Gossip Today
By Sithumi Aug 15, 2022 05:32 PM GMT
Sithumi

Sithumi

Report

අපේ ගායන ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රියම ගායකයෙක් කියුවොත් හරියටම හරී. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ රසිකයන් කවුරුත් ආදරේ කරන ඒ ජනප්‍රියම ජනප්‍රිය ගායකයා තමයි ශිහාන් මිහිරංග කියන්නේ.

ගායන රියැලිටි තරගාවලියක් තුලින් ක්ශේෂ්ත්‍රයට ඇවිත් මේ වන විට රසිකයින්ගේ ආදරය ඉහලින්ම ලබා ගත් කෙනෙක් තමයි ශිහාන් මිහිරංග කියන්නේ. ඔහුගේ ගීත අතර ඔබගේ මතකෙන්, ඇස ගැටෙනා, පෙරදා මැවූ සිනා, අද තනියෙන් මා, සුලගක් වෙලා, මට නෙලා ගන්න බැරි, මේ ඇස් දිහා බලන්,සුදු රෝස මල් වැනි ගීත වලට ප්‍රේක්ෂකයන් බොහොමයක් ආකර්ෂණය වෙලා තියෙනවා.

ඉතින් මේ වන විට හිරු නාලිකාවේ විකාශය වන ‘හුරු ස්ටාර්’ රියැලිටි තරගාවලියේ විනිසුරු මඩුල්ලේද ඔහු සාමාජිකයෙක් බවට පත් වෙලා ඉන්නවා. පසුගිය දිනක ඔහු සංගීත ප්‍රසංගයක ගීත ගයමින් ඉන්න අතරතුර වේදිකාවෙන් බැස රසිකාවියන් අසලට ගොස් ගීත ගායනා කිරීම හැමෝම ඔහුව අගය කරන්නට පෙළඹුනා. කොතරම් ජනප්‍රිය වුවත් ඔහුගේ ඒ නිහතමානීකමනම් අවුරුත් අගය කරනවා.

ඉතින් අද මේ තරමට ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්න ශිහාන් එදා රියැලිටි තරගාවඋයකින් ආප් තරගකරුවෙක්. ඉතින් ඔහුගේ මේ ගායනයන් ඕනම එකක් ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලදගන්නවා. ඉතින් රටට ජනප්‍රිය ගායකයෙක් වුනත් ගෙදරට තාත්තෙක් වගේම බිරිදට හොද සැමියෙක් වන ශිහාන් ඔහුගේ බිරිද යාලු කර ගත් විදියගැන රුපවාහිනි වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි. ” 

අපේ ඉස්කෝලේ විනය පාලක සර් තමයි මගේ බිරිදගේ තාත්තා. ඉතින් එයා හොදටම මගෙ කැරැට්ටුවගැන දන්නවා. මම මියුසික් කරන නිසා එයාලා හිතලා තියෙන්නේ මම නරක කෙනෙක් කියලා. මම තවම වයිෆ්ට ආදරය ප්‍රකාශ කරලා නෑ.මොකද මම ආදරය ප්‍රකාශ කරන්න යනකොට එයා දුවනවා. නංගි කියනකොට එයා ස්කූල් වෑන් එකට දුවනවා.

මගේ යාලුවෝ තමයි එයාව කැමති කරවලා තියෙන්නේ මට. එයා කිව්වා ඉස්කෝලෙන් මම අවුට් වෙන්න කලින් එයාලගේ තාත්තගෙන් අහන්න කියලා. ඉතින් මම ගිහින් ඇහුවා. මගේ වයිෆ් කියනවා මම රොමෑන්ටික් මදි කියලා. මට මූනට ආදරෙයි කියන්න මොකද්ද වගේ. සිංදුනම් රොමෑන්ටික විදියට කියන්න පුලුවන්.”

ඉතින් මේ විදියට තමයි ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ සංගීත කටයුතු වගේම පවුල් ජීවිතයට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.