Shi Yan 6 අද පර්යේෂණ කටයුතු අරඹයි.
By Hashini
අද (30) Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව මෙරට බටහිර වෙරළ තිරයේ සමුද්‍ර පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය විසින් පැය 48ක කාලයක් එම පර්යේෂණ කටයුතු සඳහා ලබා දී තිබෙනවා.
අද සහ හෙට (31) මෙම පර්යේෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි.
මෙම පර්යේෂණ කටයුතු සඳහා නාවික හමුදාවේ ජලජ විද්‍යාව පිලිබඳ නිලධාරින්ද ඒ සඳහා සම්බන්ධ වීමට නියමිත බවයි නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය ප්‍රකාශ කරන්නේ.
එම පර්යේෂණ තුළින් මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිලිබඳ සොයා බැලීමට නියමිතයි.
Shi Yan 6 නෞකාව පසුගිය 26 වනදා දිවයිනට පැමිණියා.