Shi Yan 6 චීන නෞකාවට තවමත් අවසර නැහැ.

Report

විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි පවසන්නේ Shi Yan 6 චීන පර්යේෂණ නෞකාවට ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට නැංගුරම්ලෑමට මෙතෙක් අවසර ලබාදී නොමැති බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී ඉන්දීය ANI ප්‍රවෘත්ති සේවාවට අදහස් දක්වමින්.

Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව මතුකරන කරුණු විශේෂයෙන් සැලකිල්ලට ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.