එක්සත් අරාබි රාජ්‍යයේ ජනපති අභාවප්‍රාප්ත වෙයි..!

By Sewvandhi May 13, 2022 11:34 AM GMT
Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබි පාලක Sheikh Khalifa bin Zayed Al Nahyan අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද ඔහු මියගොස් ඇති බවයි එරට ජනාධිපති කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.

Sheikh Khalifa bin Zayed Al Nahyan එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබියේ පාලකයා ලෙස 2004 නොවැම්බර් 3 සිට මෙතෙක් සේවය කරමින් සිටියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස සේවය කළ ඔහුගේ පියා වූ දිවංගත ෂීක් සයීඩ් බින් සුල්තාන් අල් නහියන් ගේ අනුප්‍රාප්තිකයා ලෙසටයි ඔහු 2004 නොවැම්බර් තේරී පත් වුයේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now