අත්නොහරින බව හිටපු අග්‍රාමාත්‍ය කියයි - ප්‍රකාශයෙන් රටම කැළඹෙයි..
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බංග්ලාදේයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජයට හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
ඒ අනුව යුනුස් බංග්ලාදේශය විනාශ කරන අතරම මිනිසුන් ඝාතනය කිරීම සඳහා ත්‍රස්තවාදීන් මුදා හරින බවටයි, හිටපු අගමැතිනි ෂීක් හසීනා චෝදනා කරන්නේ.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇගේ ආන්ඩුව බිඳ වැටීමෙන් පසු ඉන්දියාවට පැමිණ සිටින හසීනා ඇගේ අවාමි ලීග් පක්ෂ ආධාරකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අමතමිනුයි මෙම ප්‍රකාශ සිදු කර ඇත්තේ.
එමෙන්ම යුනුස් ප්‍රමුඛ අන්තර්වාර රජය බංග්ලාදේශය ත්‍රස්තවාදයේ සහ අවනීතියේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බවට ද හසීනා චෝදනා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇගේ ආධාරකරුවන් අමතමින් ඇය නැවත බංග්ලාදේශය වෙත පැමිණෙන බවට පොරොන්දු වී ඇති හසීනා, දුක් විඳින පවුල්වලට යුක්තිය ඉටු කරන බව ද සඳහන් කර ඇති බවයි.
පසුගිය වසරේ සිය රජයට එරෙහිව ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද කැරලිවලදී පොලිස් නිලධාරීන් රැසක් මිය යද්දී යුනුස් නිහඬව සිටින බවට ද හසීනා එම වීඩියෝ හමුවේ දී චෝදනා කර තිබෙනවා.
You may like this video 👇
