ණය තිරසාර බව නිශ්චිත යැයි ෂෙහාන් කියයි...
By Parami Dissanayake
අද (02) මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බවයි.
එහිදී, වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා පවසා සිටියේ, ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ය.