විමල්ගේ බිරිඳගේ අභියාචනයත් විසි වෙයි - ‍ආයෙත් කූරු ගනින්න වෙයි

Report

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම පිළිබඳව නියම කෙරුණු සිරදඬුවමට සහ දඩයට විරුද්ධව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (11) දින ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව අසත්‍ය ලේඛන ඉදිරිපත් කර අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශට කොළඹ මහාධිකරණය මඟින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන ලද්දේ ඉකුත් 2022 මැයි 27 වැනි දිනයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක්..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක්..

අඳාළ දඬුවමින් තමන්ව නිදහස් කරන මෙන් ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර 2022 මැයි 31 වන දින ඇයව රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කර තිබුණා.

ඒ අනුව අද දිනයේදී මෙසේ ප්‍රතික්ෂේප වී ඇත්තේ ඒ ආකාරයෙන් ශෂී වීරවංශ විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය බව සඳහන්. එබැවින් ඇයට නියම වුණු සිරදඬුවම නැවත බලාත්මක වේ.

මුදල් විශුද්ධිකරණ චෝදනා - යෝෂිත සහ ආච්චි ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩු තීන්දුව

මුදල් විශුද්ධිකරණ චෝදනා - යෝෂිත සහ ආච්චි ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩු තීන්දුව

මේ වගේ අය ආවොත් අවධානෙන් ඉන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොවන බව දන්වයි

මේ වගේ අය ආවොත් අවධානෙන් ඉන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොවන බව දන්වයි