වසර දෙකක සිර දඬුවමට එරෙහිව ශෂී වීරවංශ සිදුකළ දේ

Vimal
By Sewvandhi May 27, 2022 09:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. 

 එබැවින් ඇය ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 30 වනදා සලකාබලන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද (27) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතගේ නිල මැදිරිය තුළදී කැඳවනු ලැබීය.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මියට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අද (27) වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබුණි.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් යහpoliපාලන රජය සමයේ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


ReeCha