ලොවක් වසග කළ ෂාරුක් ප්‍රීතී ප්‍රේම වෘත්තාන්තයට වසර 20ක්..

By Sewvandhi Sep 20, 2024 03:47 PM GMT
Report

ෂාරුක් ඛාන් සහ ප්‍රීති සින්ටා රඟන වීර් සාරා චිත්‍රපටය වසර 20ක් සපුරනවා. ඒ හේතුවෙන් වීර් - සාරා චිත්‍රපටය යළි ප්‍රදර්ශනය අරඹා ඇති අතර මෙම චිත්‍රපටය ලොවපුරා නැවත ප්‍රදර්ශනය කිරීමෙන් රුපියල් කෝටි 100ක ආදායමක් පසුගිය සතියේ පමණක් උපයා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ෂාරුක් ඛාන්, ප්‍රීති සින්ටා සහ රාණි මුකර්ජි රංගනයෙන් දායක වූ යෂ් චොප්රා අධ්‍යක්ෂණය කළ වීර් - සාරා ආදර කතාව 2004 ප්‍රදර්ශනය කෙරුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ගැන හදිසිම දැඩි තීරණයක් ගනියි..!

මෙවර ශිෂ්‍යත්ව විභාගය ගැන හදිසිම දැඩි තීරණයක් ගනියි..!

මෙම චිත්‍රපටය 2005 සිට 2023 දක්වා කාලය තුළ විවිධ අවස්ථාවන්වල දී ප්‍රදර්ශනය කිරීමෙන් රුපියල් කෝටි 2.50ක අදායමක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.

යෂ් රාජ් ෆිල්ම්ස් විසින් නිෂ්පාදනය කරන ලද වීර් - සාරා චිත්‍රපට සඳහා ෂාරුක් ඛාන්, ප්‍රීති සින්ටා සහ රාණි මුකර්ජිට අමතරව අමිතාබ් බච්චන්, හේමා මාලිනී, මනෝජ් බප්පායි, බෝමන් ඉරානි, කිරොන් බෙර්, අනුපම් ඛෙර් සහ දිව්‍යා දත්තා යන නළු නිළියන් රංගනයෙන් දායක වුණා.