අහස උසට යන එළවළු මිල

Report

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව කැරට් කිලෝ එකක් රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා මිලකට අලෙවි වී තිබේ.

තවද බෝංචි, ලීක්ස් වැනි එළවළු ද රුපියල් 500ත් 800ත් අතර ඉහළ මිලකට අලෙවි වන බවත් සදහන් වේ.

ඒ අනුව රුපියල් 30කට පමණ අලෙවි වූ වට්ටක්කා කිලෝ එකක මිල ද රුපියල් 100ත් 130 අතර මිලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී අලෙවි වී තිබෙන බව වාර්තා වේ.                                                   

රටේ පැවති අධික වර්ෂාව සහ නායයෑම් ආදී වූ ආපදා තත්වයන් හේතුවෙන් එළවළු කොටු විශාල වශයෙන් විනාශ වීම හේතුවෙන් මෙසේ මිල ගණන් ඉහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් සඳහන් කරයි .