මෝර මස් තොගයක් සමඟ පුද්ගලයින් 7ක් කොටු
නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්‍රෑම් 800කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 7දෙනෙකු වෙන්නප්පුව ප්‍රදේශයේදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ වෙන්නප්පුව, වෙල්ලමන්කර ධීවර වරායේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයින් සිය භාරයට ගත් බවයි.
මේ ආකාරයෙන් නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්‍රෑම් 876 ග්‍රෑම් 200ක තොගයක් බහු දින ධීවර යාත්‍රාවක් තුළ සඟවා තිබියදී සොයා ගෙන තිබුණි .
නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්‍රෑම් 800කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 7දෙනෙකු වෙන්නප්පුව ප්‍රදේශයේදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 7දෙනා, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා වෙන්නප්පුව ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙන බව සදහන් වේ.