නව රජයත් සමඟ කොටස් වෙළඳපළේ කැපී පෙනෙන වෙනසක්..

Report

කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශකවල අද දිනයේ සුලු‍ ඉහළ යෑමක් දක්නට ලැබුණා.

ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 12.16කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,671.87 ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 16.84 කින් ඉහළ ගොස් ඒකක 3,384.29 ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.3ක් ලෙසයි වාර්තා වන්නේ.

මෙ අතර,(24) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 237.31 කින් ඉහළ ගොස් දිනය නිමාවනවිට සටහන් වූයේ ඒකක 11,334.12ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 76.16කින් ඉහළ ගොස් ඒකක 3,236.79ක් ලෙස සටහන් වුණා.

මේ අනූව සමස්ත පිරිවැටුම රුපියල් බිලියන දෙකක් ලෙසයි වාර්තා වන්නේ.