ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නව අධ්‍යක්ෂවරිය මෙන්න

Report

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය පත් කර තිබේ.

ඇය ඊයේ (09) කොළඹ පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික මෙහෙයුම් කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තාය.

වැඩ භාර ගැනීමේදී කව්ලින් මහත්මිය ප්‍රකාශ කළේ, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරිය ලෙස පත්වීම තමන්ට ගෞරවයක් බවත්, වසර ගණනාවක් තිස්සේ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ විශ්වාසදායක හවුල්කරුවෙකු බවත්ය.

ඉස්සෙල්ලා බලන්න ඕනේ 'ටිප්ටොප් මනමාලයා' කොච්චර කාලයක් එළියේ ඉඳියිද කියලා - නලින්ද

ඉස්සෙල්ලා බලන්න ඕනේ 'ටිප්ටොප් මනමාලයා' කොච්චර කාලයක් එළියේ ඉඳියිද කියලා - නලින්ද

කව්ලින් මහත්මියට වසර 26කට අධික වෘත්තීය පළපුරුද්දක් ඇති අතර, ඒ අතරින් වසර 13ක් ආසියානු සංවර්ධන බැංකුව තුළ ගත කර තිබේ. ඇය මීට පෙර මොංගෝලියාවේ රටවල අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර ඇති අතර, බලශක්ති, දේශගුණ විපර්යාස, පරිසරය හා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම හා අත්දැකීම් ඇත.

තංගල්ල බීච්සයිඩ් රෙස්ටුරන්ට් එකේ ලංකාවේ අය ගියාම එලවෙලා.. සුදු අයට විතරලු සේර්විස්..

තංගල්ල බීච්සයිඩ් රෙස්ටුරන්ට් එකේ ලංකාවේ අය ගියාම එලවෙලා.. සුදු අයට විතරලු සේර්විස්..