ශානි අබේසේකර ප්‍රංශයට ගියේ ජනතා මුදලින් නීති විරෝධීවයි - රංජන් සෙනෙවිරත්නගෙන් දැඩි චෝදනාවක්
පාස්කු ප්‍රහාරයට පෙර සියල්ල දැනුවත් වී සිටියා යන ලිපිය සංසරණය වනවා. හරින් ප්‍රනාන්දුත් ප්‍රකාශ කළා තමාගේ පියා ප්‍රහාරයක් එන බව කිව්ව බව කාදිනල් තුමාත් මේ බව දැනගෙන හිටියද කියන දේ විමර්ශනය කරන්න ඕනේ යනුවෙන් යනුවෙන් සර්වජන බලයේ මහලේකම් නීතිඥ රංජන් සෙනෙවිරත්න මහතා සදහන් කර තිබේ
තව දුරටත් ඔහු සදහන් කළේ මෙවැන්නක්
''අපි දන්නවා 30 වසරක යුද්ධයක් තිබ්බා ඒකාලේදී දේශපාලන නායකත්වය දුන්න දේශපාලන්ඥයන්ට හිමිවෙනන්න ඕනෙ රණවිරුවන්ටත් ලැබෙන්න ඕනෙ අපේ රණවිරුවෝ අපේ රට බේරගත්ත පළවෙනි අවස්තාව මේක නෙමේ රවී සෙනවිරත්න ශානි අබේසේකර පත් කරන්න කාදිනල් තුමා කිව්වා කියලා සභානායකතුමා කිව්වා. ඔවුන්ට මෙම ප්‍රහාරය වළක්වා නොගත්තයි කියලා අධිකරණය නඩුවක් ගියා ශානි අබේසේකර ජනතාවගේ මුදලින් ප්‍රංශෙට ගිහිල්ලා මවුලාන ගිහින් ප්‍රකාශ සටහන් කරගෙන එනවා ඒක නීති විරෝධී වැඩක් .දැන් ඔවුන් ඒ ගැන විවිධ ප්‍රකාශ කරනවා
ඇත්තටම මේ නිළධාරින් පත් කරද්දී විරුද්ධ වෙන්න එපැයි තැන තැන උද්ඝෝෂණ කරනවා ශෝෂල් ජස්ටිස් කියාලා කියලා කණ්ඩායමක් . පාස්කු ප්‍රජාරයෙන් බලයට ආපු අයට දඩුවම් දෙන්න ඕනෙ කියලා කියනවා. මේක හංගන්ඩ දෙයක් නෑ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ බලයට පත් වුණේ .
ගෝඨාභය රාජපක්ෂ එෆ්බී අයි ආයතනය ඇවිල්ලා පරීක්ෂණයක් කලා ,නිලධාරින් තිස් ගානක් ලංකාවට ආවා දවස් 75ක් වාර්තාවක් හැදුවා ,ඒ විමර්ශනයට සම්මානයකුත් හම්බ වුණා .ඒ වාර්තාවේ කරුණු අභියෝගයට ලක් කරන්න පුළුවන්
මේගොල්ලන්ට ශෝෂල් ජස්ටිස් සංවිධානයේ රිසානා අත්අඩංගුවට ගන්න . ප්‍රශ්න කරන්න මේක වෙනම අරමුණක් පස්සේ යන එක මේ ආණ්ඩුවට අවශ්‍යයි ඩයස්පෝරාව සතුටු කරන්න .මේ ආයතන සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා ''