ලෝක ප්‍රකට ශකීරාට කරදරයක් - ස්පාඤ්ඤ මහාධිකරණයෙන් නියෝගයක්

Report

ලෝක ප්‍රකට කොලොම්බියානු ගායන ශිල්පිනී ශකීරා (Shakira) ට එරෙහිව එල්ල වී තිබූ බදු වංචා චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඇයව නිදහස් කිරීමට ස්පාඤ්ඤ මහාධිකරණය පියවර ගෙන ඇත.

එමෙන්ම, මීට පෙර ඇයට පනවා තිබූ යුරෝ මිලියන 55 ක (ඩොලර් මිලියන 64 ක) දඩ මුදල අවලංගු කළ අධිකරණය, පොලිය ද ඇතුළුව ඩොලර් මිලියන 70 කට අධික මුදලක් (යුරෝ මිලියන 60 කට වැඩි) ශකීරා වෙත යළි ලබා දෙන ලෙස ස්පාඤ්ඤ මහා භාණ්ඩාගාරයට නියෝග කර තිබේ.

මෙම නඩුව 2011 බදු වර්ෂයට අදාලව පවරා තිබූ එකක් වන අතර, ස්පාඤ්ඤ නීතියට අනුව පුද්ගලයෙකු එරට බදු ගෙවන්නෙකු ලෙස සැලකීමට නම් වසරකට දින 183 කට වඩා ස්පාඤ්ඤයේ වාසය කළ යුතුයි.

සුභ ආරංචියක් - මේ අයට වන්දි ලබාදීමට සූදානමක් - අමාත්‍යවරයා නිවේදනය කරයි

සුභ ආරංචියක් - මේ අයට වන්දි ලබාදීමට සූදානමක් - අමාත්‍යවරයා නිවේදනය කරයි

විනිසුරුවරයා තීන්දු කළේ 2011 වසරේදී ශකීරා එලෙස දින 183 ක් එරට රැඳී සිටි බව ඔප්පු කිරීමට බදු බලධාරීන් අපොහොසත් වී ඇති බවයි එකල බදු බලධාරීන් තර්ක කර තිබුණේ ඇයගේ හිටපු සහකරු වන බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පිකේ (Gerard Pique) සමඟ පැවති සබඳතාවය හේතුවෙන් ඇයගේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ස්පාඤ්ඤය වූ බවයි.

එහෙත් අධිකරණය ප්‍රකාශ කළේ සාක්ෂි නොමැතිව පැනවූ දඩ මුදල් නීති විරෝධී බවයි මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශකීරා කියා සිටියේ, වැරදිකරුවන් බව පූර්ව නිගමනය කරමින් සාමාන්‍ය වැසියන්ව මූල්‍යමය සහ මානසික වශයෙන් බිඳ වට්ටවන පද්ධතියකට එරෙහිව මෙම තීන්දුව හොඳ පූර්වාදර්ශයක් වනු ඇති බවයි.

ඇයගේ නීතිඥවරයා සඳහන් කළේ වසර 8 ක් පුරා ඇයට දරාගත නොහැකි පීඩාවකට මුහුණ දීමට සිදු වූ බවයි. කෙසේ වෙතත්, ස්පාඤ්ඤ බදු ආයතනය ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත්, අවසන් තීන්දුව ලැබෙන තෙක් ශකීරා වෙත මුදල් ප්‍රතිපූරණය නොකරන බවකි.