ලංකාවේ බහුදින ධීවර යාත්‍රාවක් සීෂෙල්ස් වෙරළ ආරක්ෂකයින් ගිනි තබා මුහුදුබත් කරයි
සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසන පරිදි සීෂෙල්ස් වෙරළ ආරක්ෂකයින් විසින් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගිනි තබා මුහුදුබත් කර තිබේ.
එම සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු සඳහන් කළේ, සීෂෙල්ස් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් එම බහුදින ධීවර යාත්‍රාව මෙලෙස විනාශ කර ඇති බවයි.
පසුගිය දෙසැම්බර් 07 වනදා, ධීවරයින් 06 දෙනෙකු සමඟ වෙන්නප්පුව – වෙල්ලමංකරය ධීවර වරායෙන් මුහුදු ගොස් තිබූ “ඉෂානි 01” යාත්‍රාව, දෙසැම්බර් 30 වනදා සීෂෙල්ස් වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමෙන් පසු, එම යාත්‍රාව මුහුදේදීම ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් යාත්‍රාවේ හිමිකරු සුසිල් ප්‍රනාන්දුට රුපියල් කෝටි 04 පමණ පාඩුවක් සිදුවී ඇති බවත්, මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවරයින්ට නීතිමය දඩුවමක් ලබා දුන්නාට විරෝධයක් නොමැති නමුත්, යාත්‍රාව ගිනි තබා විනාශ කිරීම කණගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.