උඩු ගුවනේ ගුවන්සේවිකාවකට අතවර කළ අයෙක්ට වැඩ වරදී

Report

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ  එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් තුළ ගුවන් යානයේ සේවය කරමින් සිටි 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට,ලිංගික අතවරකම් සිදු කර තිබෙනවා. 

අතවර කල පුද්ගලයා ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු, වන අතර කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගුවන් යානය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ අතර ගුවන් ගමන අතර තුර මෙම අතවර කිරිම සිදු වීම සිදු කර ඇත .

miss funeral විරුධාවලිය ලත් නිර්ධාට රංගන ශිල්පිනි සුමනා ගෝමස් සුපිරියට කියා දෙයි ...

miss funeral විරුධාවලිය ලත් නිර්ධාට රංගන ශිල්පිනි සුමනා ගෝමස් සුපිරියට කියා දෙයි ...

නැවක කපිතාන්වරයෙකු ලෙස සේවය කරන 49 හැවිරිදි මොහු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර  මොහු ඊයේ ඩුබායි සිට මෙරටට පැමිණ ඇත.  කෙසේ වෙතත් මෙම සැකකාර පුද්ගලයා අධික ලෙස බීමත්ව, එහි සේවය කරමින් සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවට ලිංගික අතවර කර ඇති බවට යි ද වාර්තා වන්නේ.   

ඇය වහාම මේ පිළිබඳ ගුවන් යානයේ නියමුවා දැනුවත් කර, එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව, මෙම ගුවන් මගියා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

මෙන්න විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවූ ප්‍රදේශ මෙන්න

මෙන්න විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවූ ප්‍රදේශ මෙන්න

පසුව මෙම ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මොහු බීමත්ව සිටි බවට, කරුණු තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.