මෙරට දරුවන්ගේ ලිංගික කටයුතු ගැන සිදුවූ ඇග හිරිවැටෙන අනාවරණය..! ඔබේ දරුවාත් මේ ගැන දැනුවත්ද..?

Report

වයස අවුරුදු 14-16ත් අතර පාසල් දරුවන්ගෙන් 97.3% කට ලිංගික සංසර්ගයට කැමැත්ත පළ කිරීමේ අවම වයස පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසු සිසුවියන් 72ක් යොදා ගනිමින් ප්‍රශ්න 50ක් යොමුකර ලබාගත් පිළිතුරු විශ්ලේෂණය කිරීම හරහා මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සමීක්ෂණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව වෙනුවෙන් සිදුකර ඇති අතර ඒ සඳහා පිරිමි ළමයින් 36 දෙනකු සහ ගැහැනු ළමයින් 36 දෙනකු සම්බන්ධ කරගෙන ඇති බවද සඳහන්.

එමෙන්ම මේ සඳහා සිංහල ජාතික සිසුන් 30ක් මුස්ලිම් ජාතික සිසුන් 30ක් සහ දෙමළ ජාතික සිසුන් 12ක් සම්බන්ධ කර ගෙන තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ ස්ත්‍රී දූෂණයකින් (වයස අවුරුදු 16ට අඩු කාන්තාවක් සමඟ ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදීම) පසුව සිදුවන ගැබ් ගැනීමකදී ගබ්සා කිරීමට මෙරට නීතියෙන් අවසරයක් නොමැති බව දැන සිට ඇත්තේ 20.8%ක ප්‍රතිශතයක් බවයි.

මෙරට දරුවන්ගේ ලිංගික කටයුතු ගැන සිදුවූ ඇග හිරිවැටෙන අනාවරණය..! ඔබේ දරුවාත් මේ ගැන දැනුවත්ද..? | Sex Education Knowlage Sri Lankan Children

ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් ස්ත්‍රියකට විවාහ විය හැකි අවම වයස අවුරුදු 12ක් වන අතර, කාතිවරයාගේ අනුමැතියට යටත්ව වයස අවුරුදු 12ට අඩු ස්ත්‍රීන්ට ද විවාහ වීමට අවසර හිමි වෙනවා.

මේ සම්බන්ධයෙන් නිසි දැනුමක් තිබී ඇත්තේ 72 දෙදෙනාගෙන් දෙදෙනකුට පමණියි. ඒ අනුව ප්‍රතිශතයක් ලෙස 97.3%කට මේ සම්බන්ධව දැනුමක් නොමැති බවයි සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ. ස්ත්‍රී දූෂණයකදී ලබාදෙන දඬුවම අවුරුදු 10 සිට 20 දක්වා සිරදඬුවමක් වන අතර, ඒ සම්බන්ධයෙන් දැන සිට ඇත්තේ 58.3%ක් පමණයි.

ස්ත්‍රී දූෂණයකදී නෛතික කටයුතු කරා යොමු වීමට වින්දිත ස්ත්‍රියගේ කැමැත්ත අත්‍යවශ්‍ය නොවන අතර, ඒ බව දැන සිට ඇත්තේ සමීක්ෂණයට එක් වූ පිරිසෙන් 34.7%කි. එමෙන්ම බාලවයස්කාර දැරියක් ගැබ් ගත් අවස්ථාවක ගැබ විනාශ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවේ නීතියට අනුව නොහැකි බව මෙම පිරිසෙන් අවබෝධය තිබී ඇත්තේ 20.8 %ක පිරිසට වීම ද විශේෂයක්.

කෙසේ වෙතත් වෛද්‍ය පාලිත බණ්ඩාර පෙන්වා දෙන්නේ ලිංගික චර්යාවන් සහ ඒ හා සම්බන්ධිත නීතිය පිළිබඳ දැනුම වැඩි කිරීම කාලෝචිත අවශ්‍යතාවක් වී ඇති බවයි.(උපුටාගැනීමක්)